Monday, September 12, 2011

අපේ ගෙට් එක........


“Welcome ගීත්”
රඟහලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙන කොටම අනිත් හැමෝම පහුකරගෙන පියුමි ඉස්සහර අවා.
තත්පරේට මගේ මතකය දුවගෙන ගිහින් නැවතුනේ අවුරුදු 21කට එහා අතීතයේ.
එස්කා පෙර පාසලට මාව මුලින්ම ඇතුලත් කරපු දවසේ....හැමෝම හිටියේ මං වගේම බයවෙලා...ඒත්......
ටිකක් වෙල යනකොට ඒ බය නෙතිවෙලා ගිහින් අපි හැමෝම යලුවෝ උනා.
එකට සෙල්ලම් කලා.
සින්දු කිවුවා.
දවසින් දවස යාලුකම් වැඩිවුනා.
ඒක හරි පුදුම දෙයක්. අපි මේ ලෝකෙට ඇවිල්ලා බැඳීම් ගොඩක් හදා ගන්නවා....ඒත් ඒ හැම බැඳීමකටම වඩා වටින බැඳීම තමයි යාලුකම.....!

ඒක ඇතිවෙන්නෙ කොහොමද,
කොහේදිද,
කවදද,
මොකටද,....?
මේ ප්‍රශ්නයට හරි උත්තරයක් අපි කා ගවවත් නෑ......මම ඇස් උස්සලා වටපිට බැලුවා
අවුරුදු 21කට ඉස්සර මගෙ ලඟ හිටපු යලුවෝ අදත් මගේ වටෙට ඉන්නවා......

“කොහොමද ගීත්.....”

“අඩෝ ගීත්.....”

“අම්මටසිරි ගීත් කොහොමද බං.....”

“හලෝ මචං...”

“ඒයි ගීත් දැන් මොකද කරන්නේ....”

“මචං කොහෙද බං දැන් ඉන්නේ.....”

“ඒ බං උඹ තවත් මහත් වෙලා...මචෝ......”

“ඒයි තඩීයො....මොකද බං පරක්කු උනේ”

කොල්ලො කෙල්ලො ටික මාව වටකර ගත්තා...ලෝකෙ කොයිතරම් වෙනස් උනත් මුං තමත් ඉස්සර විදිහමයි. කියල වැඩක් නෑ.සතුට වැඩිකමට මගෙ ඇස් දෙක බොඳවෙන්න ගත්තා......

“ මචං ගීත් උඹ එනකන් තමයි බලගෙන හිටියේ....මෙන්න මචං අද දවසෙ schedule එක
උඹ වැඩේ මෙහෙයවපන් අවුලක් නෑ නේ.....? “

තුෂාර මගේ කරට අතක් දාගත්තා...මොන අවුලක්ද බං..වැඩේ කරමු ගින්දර වගේ.......

එතන ඉඳල පොල්තෙල් පහන දැල්වීම, පිලිගැනීමෙ කතා, විදුහල්පතිතුමාගේ කතාව, තනතුරු තෝරා ගැනීම්, අරව මෙව්ව එක්ක පැයක් විතර ගියා......
නිලතල වලට තෙරුනු අය ගෙන සතුටු වෙන්න පුලුවන්. වැඩක් කරන්න පුලුවන්, වැඩක් කරන අය මෙතනදි තේරුනා....ප්‍රින්සිපලුත් අලුතෙන් ඉස්කෝලෙට අලුත් කෙනෙක්. මෙ ඉස්කෝලෙ වෙනුවෙන් වැඩක් කරන්න ඕන කියන අදහස හිතෙ තියෙන කෙනෙක් වගේ........ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයො විදිහට අපිත් ඉස්කෝලෙ වෙනුවෙන් ඕන දෙයක් කරනවා......ඒකට ඕන කරන සහයෝගය උපරිමයෙන්ම..... අපේ භාශාවෙන් කියනවනම් බොක්කෙන්ම දෙන්න අපි ලෑස්තියි සර්.......

රඟහලේ වැඩකටයුතු ඉවර උන ගමන් හැමෝම " මහ ගෙදර " උත්සව ශාලාව පෙත්තට ඇදුනා.....ඈතදිම මම දැක්කෙ මිදුලෙ ගහල තිබුනු ස්පීකර් සෙට් එක.ඊට ටිකක් එහාට වෙන්න මහේෂ් අයියයි තව අන්දුනන්නැති බුවෙකුයි හිටියා....මහේෂ් අයියගෙ මූනට මාව දැක්ක ගමන් හරි ලස්සන හිනවක් ආවා.....මං අහගෙනයි මික්සර් එකේ හිටපු අනුර අයියට කියනවා.." FM මයික් එකට බැට්‍රි දාල ලෑස්ති කරගන්න කියල ". ගෝලය ගැන හොඳටම දන්නෙ ගුරා මිසක් වෙන කවුද.....?

එතන ඉඳල දවස ගෙවෙන්න ගත්තෙ හුඟාක් ඉක්මනට.....සෙටප් එකේ සද්දෙ යට කරගෙන අපෙ උන්ගෙ සද්දෙ උඩට එනව...අවුරුදු 10කට පස්සෙ හම්බවෙලා කතා කරන්න දේවල්ද නැත්තෙ....හැම කෙනාගෙම මූනුවල තිබුනෙ දරාගන්න බැරි තරම් සතුටක්.... ලස්සන ක්‍රීඩාවන් කිහිපයකුත් ලෑස්ති කරල තිබුනා.හැමෝම ඒවට එකතු උනේ හුඟක් ආසාවෙන්. ජයග්‍රාහකයන්ට තෑගි දුන්නෙ සිංගර් සමාගම අනුග්‍රහයෙන්...ඒක සෙට් කරේ සිංගර් එකේ වැඩ කරන නලීන් ජීවන්ත සොහොයුරා..........තෑන්ක්ස් නලියා..........

 මහේෂ් අයියගෙ සින්දු අතරෙ මම, බන්ඩාර, රජී, චමින්ද, නුවන්,....අපි හැමෝම සින්දු කිව්වා.....හැම මොහොතකම කොතනක හරි, කාගෙහරි අතේ කැමරාවක් පත්තු වෙනවා.....හැම කෙනෙක්ම මේ ලස්සන දවසෙ ලස්සන මතකයන් ගෙදර අරගෙන යන්න මහන්සි ගත්තා......ඒ අතරෙ ලාවට කසු කුසුවකුත් ඇහෙන්න ගත්තා.......

"කොහෙන්ද ගේන්නෙ...?"

"කී දෙනෙක් ඉන්නවද...?"

"300ක් ඇතිවෙයිද.....?"

"කවුද යන්නෙ.....?"

"අද බ්ලැක් මාර්කට් නේද.....?"

ඔන්න එතකොට තමයි මටත් වැඩේ මීටර් උනේ......එහෙනම් කශ්ටය මද පමණින් දශ්ට කරන්නයි සූදනම.....?

"තඩී.....මොකද කියන්නෙ. සම්මාදම් වෙනවද.....?"

අයෙත් අහල....වස උනත් මොකෝ....උඹලත් එක්කනේ......
විනඩි 15න් බඩු සප්ලයි.......යකො මුං මාර ස්පීඩ්නේ.....

මමත් අරහෙන් මෙහෙන් පැනල 5ක් 6ක් නවා ගත්තා....ඒක ඉවර වෙනකොට මහේෂ් අයියා nonstop එක පටන් ගන්න හදන්නේ.....මම FM එකත් අරගෙන ඩාන්සිං ෆ්ලෝ එක මැද්දට පැන්නා........
රජියත් මයික් එකේ වයර් එක පුලුවන් තරම් දිග්ගස්සගෙන මගෙ පස්සෙන් වැටුනා......
කියල වැඩක් නෑ.....
ඇට්ටි හෙලෙන nonstop එකක් ගැහුවා විනඩි 45ක විතර.හැමෝම සතුටු උන...ඉස්කෝලෙ යන කලෙ මලාට මූනදිහා බලපු නැති කෙල්ලො අඬගහන පරක්කුවෙන් ඩාන්සිං ෆ්ලෝ එකේ.....
මල් හතයි.....
ජීන් කෙලී ල, මයිකල් ජැක්සන් ල, රිතික් රෝෂන් ල, කැලේ........යකඩො මෙතනනෙ ඩාන්සර්ස්ල ඉන්නෙ.....

කොහොමින් කොහොමහරි 3ට ඉවර කරන්න තිබුනු වැඩේ ඉවර වෙනකොට 4.30ත් පහුයි...හැම කෙනගෙම මූනුවල තිබුනෙ ආයෙ ඉක්මනට හම්බවෙමු කියන බලාපොරොත්තුව...ඒ බලාපොරොත්තුව මගෙ පපුව ඇතුලෙත් ඒ විඩිහටම තිබුනා.....කොහොම උනත් සංවිධාන කරපු සහෝදර සහෝදරියන්ට ස්තුති කරන්නම ඕන......නම් වශයෙන් දන්නෙ කීපදෙනෙක් නිසා නම් සඳහන් නොකර ඉන්නම්.....කොහොම උනත්....මචංලා..ජීවිත කලෙටම මතක හිටින දවසක් දුන්නට....හිතට එන ඇත්තම හැඟීම කියනවනම්.......

උඹලට පින්........!!!


2 comments:

  1. තඩියෝ මේකේ වීඩියෝ එකත් උබම යු බටේට අප්ලෝඩ් කරලා ලින්ක් එකක් මේකට දාපන්. මම එදා සි ඩී එක ගත්තේ නෑ බන්

    ReplyDelete
  2. තාම මටත් වීඩියෝ එක හම්බ උනේ නෑ මචං........හම්බ උන ගමන්ම් දාන්නම්....

    ReplyDelete

හිතට එන දෙයක් නිදහසේ ලියල යන්න......