Tuesday, September 20, 2011

හුඟාක් දුක හිතෙන ඇත්ත කතාවක්..........

මේ කතාව උපුට ගත්තෙ කොහෙන්ද කියල මට හරියටම මතක නෑ......හැබැයි ලියපු කෙනා කවුරු උනත් හරි සංවේදී විදිහට ලියල තියෙනව......කියවලාම බලන්නකෝ........


Thursday, September 15, 2011

අපේ කාලයේ බෝසත්වරු



මේ ලෝකෙ බිහිඋන දවසෙ ඉඳල මේ වෙනතෙක් මේ ලෝකෙ කොයි තරම් නම් විද්වතුන් බිහි වෙන්න ඇද්ද........?ඒත් ඒ කාටවත් අදවනතුරු පුලුවන් උනාද........මව් කෙනෙකුගෙ ලේ කිරි වලට හැරෙන ක්‍රමය විද්‍යාත්මකව පහදන්න,......?මව් කිරි වලට සමාන දෙයක්,.....අඩුගානෙ කිට්ටුවෙන්වත් යන බීමක් හදන්න,.....?

ටිකක් හිතන්න........මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද.

අපි මහ ලොකුවට කෑ ගහනවා " අපි තාක්ෂනයෙන් දියුනුය.....අපිට නවීන විද්‍යාවෙන් කරන්න බැරි දෙයක් නැහැය " කියල.එහෙනම් ඇයි අපට බැරි උනේ මවු කිරි කෘතිමව නිපදවන්න....? අඩුගානෙ ක්‍රමයවත් හොයාගන්න.....?

බුදු හාමුදුරුවෝ කිව්ව වගේ.....හැම දේටම හේතුවක් තියෙනවා යාලුවනේ.....මම ඔය කියපු දේටත් හේතුවක් තියෙනවා...අපිට කෘතිමව කිරි හදන්න පුලුවන්...ඒකට එකතු කරන්න ඕන එක දෙයක් අපි ලඟ නෑ.....අපිට දේ කෘතිමව කිරි වලට එකතු කරන්නත් බෑ...... තමයි....

අම්ම කෙනෙකුගේ ආදරය.......

මේ ලෝකෙ මොන දේ පැහැදිලි කරන්න පුලුවන් උනත් අම්ම කෙනෙකුගෙ ආදරය මොන වගේද කියල 100% නිවැරදිව පැහැදිලි කරන්න කාටවත් පුලුවන් කමක් ඇති කියල මම හිතන්නෙ නෑ.....ඒක වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක්..... අහල ඇතිනෙ.......පැටියව බේරගන්න හිතගෙන නැට්ටෙන් සත් සමුදුර හින්දවන්න උත්සහ කරපු ලේන අම්මගෙ කතාව........කරන්න බැරි දෙයක් උනත් වෙලාවෙ උඩට ආවෙ අම්ම කෙනෙකුගෙ හිතේ තියෙන දරු කැක්කුම......ලෝකෙ කිසිම දේකට දෙවෙනි වෙන්නැති මව් සෙනෙහස...... වගේ අම්මල අදත් ඉන්නවා.....

ටිකක් බලන්න මේ පින්තූරය දිහා..............


හිතන්න පුලුවන්ද මේ මොකක්ද කියල.....පසුගිය දවසක ජපානයේදී සිදුවුනු ඉතාමත් ශොචනීය සිද්දයක්....භූමිකම්පාවක් හේතුවෙන් කඩා වැටුනු ගොඩනැගිල්ලක් තුල තිබී මෙම මල සිරුර සොයා ගන්න විට ගලවාගැනීමේ නිලධාරින්, මෙය පිටුපස මේ තරම් සිත් කම්පා කරවන සිද්දියක් තියේවි කියා හිතන්න නැතුව ඇති ......මිය ගිය මවට යටින් ඔව්නට හමුවුනේ....පුංචි දරුවෙක්........ජීවතුන් අතර සිටි පුංචි දරුවෙක්.ඔවුන් අසලම තිබී හමුවූ ජංගම දුරකතනයක මුහුනතේ මෙම මව තම පුතු වෙනුවෙන් තමන්ගේ අවසන් පනිවිඩය සටහන් කොට ගිහින් තිබුනා.....

"ඔයා බේරිලා ජීවත් උනොත්......මතකයේ තියා ගන්න......මම ඔයාට ගොඩක් ආදරෙයි කියලා."

උපන් ගමන් දරුවන්ව කානු පල්ලට දමා යන අම්මලා අතරේ මේ අම්මා ඉන්නේ කොතැනද.....?

අතීතයේ එක ලස්සන දවසක......

සීරැවට පහුවෙන ගෙවල්, ලයිට් කනු, පොල් ගස් දිහා මම බලගෙන හිටියෙ අරමුනක් නැතුව. කරදිය සුවඳ මුහුවුනු සීතල හුලඟක් මූනට වදිනකොට මම කවුලුවෙන් ටිකක් ඈත් උනා. හුඟ දවසකට පස්සෙ අද කෝච්චියෙ එන්න ඕන කියල හිතුනත් ඒකට හරි හමන් හේතුවක් හිතේ තිබුනෙ නෑ.....වෙනදට හැමදාමත් ගෙදර අවෙ බස් එකේ..ඒත් අද කොටුවට එනකොටම හිතුනා කෝච්චියේ අම්බලන්ගොඩට ඇවිත් එතන ඉඳන් බස් එකේ යනව කියලා......කොහොමත් දවසගානෙ බස් වල යන එකේ මෙහෙම ඉන්දල හිටල කෝච්චියෙ යන එකෙත් අමුතු ආතල් එකක් තියෙනවා........හොඳ වෙලාවට ජනේලය අයිනෙ වාඩි වෙන්න හම්බ උනා..... කොහොමත් මොන වහනයක ගමන් බිමන් ගියත් ජනේලය අයිනෙ වාඩිවෙලා වටපිට බල බල යන්න මම පොඩි කලෙ ඉඳලම හරි ආසයි.සීතල හුලං පාරක් මූනට වදිනකොට සෙරම ප්‍රශ්න අමතක වෙල පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ........

"අයියා ඊලඟ ස්ටේෂන් එකේ නේද බහින්නේ.....?"

ඉස්සරහ ෂීට් එකේ හිටපු චූටි නංගියා මගේ මූනට එබිල ඇහුවා......කොටුවෙ ඉඳලම මගෙත් එක්ක එලෝ මෙලෝ නැතුව කියෝ කියෝ ආපු මෙයාට එහෙනම් මම අම්බලන්ගොඩ බහිනවා කියපු එකත් මතකයි.....! කෝච්චියට නැගපු වෙලාවෙ ඉඳල අපි දෙන්නා ලෝකෙ නැති වල් පල් කියෙව්වා...පුංචි කෙල්ලගෙ අම්මත් එහා පෙත්තෙ ඉඳන් අපි දෙන්න දිහා හිනාවෙවී බලන් හිටියෙ,"අනේ ඇත්තට මෙහෙමත් පිස්සු ඩබලක් " කියන්න වගේ.....කෝච්චියෙ ආපු ගමන බෝරිං නැතුව ආවෙ මෙ කෙල්ල නිසා. වෙලාව ගතවෙනව 
දැනුනෙවත් නෑ.....

"ඔවු පැට්ටෝ.......එහෙනම් මම බහිනවා...අපි අයෙත් දවසක හම්බවෙමුකෝ  හොඳේ....."

"මට අයියගෙ නම්බර් එක දෙන්නකෝ.......මම කෝල් කරන්නම්."

"චූටි දෝනී.........අයියට කරදර කරන්න එපා..."

"නෑ..නෑ..ඒක මොකක්ද අක්කේ.........මෙන්න මගේ කාඩ් එක..ඔය තියෙන්නෙ මගේ මොබයිල් නම්බර් එක..ඕන වෙලවක කත කරන්න....එහෙනම්....මම බහින්නම් අක්කේ...."

"බුදු සරණයි මල්ලී......"


බුදු සරණයි......කොයිතරම් උතුම් ආශිර්වාදයක්ද.....කෙනෙකුට එහෙම ආශිර්වාද කරන්න පුලුවන් හිත පිරිසිදු අයට විතරයි.......


"බුදු සරණයි අක්කේ... බුදු සරණයි චූටි දෝනී......"


මම චූටි දෝනී කියන නම බර කරල කිව්වම පුංචි කෙල්ලගෙ මූනෙ හරි ලස්සන හිනාවක් ඇඳුනා....මේ ලෝකෙ  ලස්සන කියන දේ තමත් ඉතුරු වෙල තියෙන්නෙ ඔයාල වගෙ අය නිසා තමයි නංගියෝ.......


අම්බලන්ගොඩින් බහිනකොට 5.30ත් පහුවෙලා.....මටත් වඩා ලොකු ට්රැවලින් බෑග් එක බංකුවක් උඩින් තියල මම වාඩි උනේ ලිහුනු ලේස් එක ගැටගහ ගන්න.එතකොට තමයි මම දැක්කෙ ස්ටේෂන් එක ඉස්සරහ පාර දිගෙ එන කොල්ලො කෙල්ලො ගොඩ. ක්ලාස් එකක් ඇරල වගේ......තප්පර ගානකදි මගෙ මතකය මවත් අරගෙන අතීතයට දිව්වා...අවුරුදු 9ක්....! ඔවු....අවුරුදු 9කට ඉස්සර........මට මතකයි...... මේ ස්ටේෂන් එකේ බංකුවක් උඩදිම.....මං මගෙ ජීවිතෙ පලවෙනි වතවට ආදරය කරපු කෙල්ල ගැන මගේ හොඳම යාලුවත් එක්ක මම කිව්වා.......


"උඹට ෂුවර්ද....?මොකද මම හොඳටම දන්නව තඩී උඹ කවදාවත් කිසිම කෙල්ලෙකුට ආදරේ කලේ නෑ.....මේක නිකන් හැඟීමක් විතරද..?    නැත්නම් උඹ සිරාවටම මේ කෙල්ලට ආදරේද......?"

"ෂිරාවටද ධමනියටද මන්දන්නෑ......පපුව නිකං ගල් මෝලක් වගේ..බලපං අත තියල.උඹ දැකල තියෙනවද මම මේ තරම් confused වෙලා හිටපු දවසක්.....?"


ලසන්ත ටිකක් වෙල මගෙ මූන දිහාම බලන් හිටියා.... බැල්මෙ තිබුනු හැඟීම් තේරුම් ගන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ......

"හරි.....අව්ලක් නෑ. උඹ වැඩේට බැහැපන්. මම පස්සෙන් ඉන්නවා....වැඩිය දුර අදින්න ඕන නෑ......අද හවසට බස් එකේදි අහමු....වෙන දෙයක් වෙයිනේ........."

ලසාගෙ වචන ටික මට ලොකු හයියක් ගෙනාවා.....physics පන්තිය කට් කරල මම ලසාවත් ඇදගෙන ස්ටේෂන් එක පැත්තට ආවේ ඔය ගැන කතා කරන්න ඕන නිසාමයි. අනිත් උං ඉන්න තැන ඕක කිව්වනම් උං මාව බයිට් එක කර ගන්නවා සිකුරුයි.....


ක්ලාස් එක ඇරෙන ටයිම් එක වෙනකොට මාව ගැහෙනවා......උණ ගන්න වගේ.....මගේ වෙනස හොඳටම තේරුම් ගත්තෙ ලසන්ත.....

"බය නොවී හිටපන්....උඹ හරියට ගොඩදාපු මාලුව වගේනෙ.......යකෝ.. අපෙ සෙට් එකේ හැමෝගෙම ලව් ගොඩදාල දුන්නෙ උඹ. මගෙයි චතුගෙයි ලව් එක හැදුවෙ උඹ. ඕන කෙල්ලෙක් ඉස්සරහ පදර් නොවී ටෝක් කරපු එකා උඹ......අද මොකද බං මේ වෙලා තියෙන්නෙ.......?"

විලි රුදාව හැදිල කියල උත්තර දෙන්න හදලත් ආයෙ නිකං හිටියා.....මොකටද මුගේ ලේ කෝප කරවන්නෙ.....


"මචං අරකි වාඩි වෙලා ඉන්නෙ...."

"අඩෝ අරකි මේකි කියන්න එපා හරිද....."

මාව කන්න පටන් ගන්න ඕන කොතනින්ද කියල හිතන්න වගේ ලසා මගේ දිහා තප්පර දෙකක්  බලාගෙන හිටියා.....

"හරි හරි.....එහෙනම් මම උඹ කතා කරනව වගේම සුදූ කියල කියන්නම්කෝ....උඹගෙ සුදූ ලඟින් වාඩිවෙන්න ෂීට් එක අරගෙන දෙන්නද......?"


"පුලුවන්නම් උඹ දෙයියෙක් මචෝ"

"පුලුවන්නම්....?....අපහස කරන්න එපා සුදු මහත්තයෝ...."

ලසා ගානට වැඩේ කලා.....එදා දවසෙ සිද්දවෙච්ච හැම දෙයක්ම මට අද වගේ මතකයි..ඔයාගෙ ලඟින් වාඩිවෙලා ආපු විනාඩි 50 තමයි මගේ ජීවිතෙ මම ගතකරපු ලස්සනම විනාඩි 50.....මම ඔයගෙ ලඟින් වාඩිවෙනවත් එක්කම රේඩියෝ එකේ ලස්සන සින්දුවක් ප්ලේ උනා. මතකද....?මම සින්දුව පලවෙනි වතවට ඇහුවෙ එදා........


“ ඔබෙ සුසුම් පවන් සලයි...
මගෙ කොපුල් පුරා....වෙලෙයි.....
ඔබෙ සෙනෙහස ගොඩ ගලයි.....
උනුහුමට මාව තෙමෙයි........ “


දන්නවද මැණික........සින්දු දහස් ගානක් මම අහලත් තියෙනවා....බෑන්ඩ් එකේ සින්දු දහස් ගානක් කියලත් තියෙනවා......ඒත් අදටත්න් මම ආසම සින්දුව...දයාන් විතරනගෙ "ඔබෙ සුසුම් පවන්"......ඇයි දන්නවද.......අදටත් සින්දුව අහනකොට මට එද දවසෙ හිතට දැනිච්ච හැඟීම දැනෙනවා....ඔයා කතා කරපු විදිහඔයා හිනා වෙච්ච විදිහ, .....ඔයා හුස්ම ගත්ත විදිහ,.... හැම දෙයක්ම.....අදටත් මට දැනෙනවා.......


දන්නවද....?


ඔයා මාව ප්‍රතික්ෂේප කලාම....."වෙන කෙනෙක් හොයාගන්න ගීත්."කියල කිව්වම.....මට මොනවද උනා....ලසන්ත කියන විදිහට කෙල්ලො ඉස්සරහ පදර් නොවෙච්චි මම.....හිතගන්න බැරි විදිහට ගොලු උනා.........ඇස් දෙක මුල එකතු වෙච්ච කන්දුලු වැටෙන්න නොදී තදකරගෙන හිටියෙ කියිතරම් අමාරුවෙන්ද කියල දන්නෙ මමයි මගේ ඇස් දෙකයි විතරයි.......අවුරුදු 9ක් තිස්සෙ කඳුලු ඇස් දෙක මුල තාමත් තියෙනව කියල ඔයා දන්නෑ සුදූ......සමහර විට ජීවිත කලෙටම දැන ගන්න එකකුත් නෑ...... ඒත්.....තාමත් මේ අම්බලන්ගොඩට එනකොට......බටපොල බස් ස්ටෑන්ඩ් එක දකිනකොට කඳුලු අලුත් වෙනවා....


ජීවිතෙදි අපිට ගොඩක් අය හම්බ වෙනවා තමයි සුදූ....ඒත් හැමෝම අපේ ජීවිත වල ස්ථිරව පදිංචි වෙන්නෙ නෑ.....හැබැයි ජීවිතේටම එක පාරක් අපි ආදරය කරනවා.....ඒක ඉබේ ඇතිවෙන ආදරයක්....පපුවෙන් ගලවල දාන්න බැරි ලෝබකමක්....ඇඟ පුරාම කරන්ට් එකක් දුවනවා වගේ දැනෙන හැඟීමක්......මැරුනත් අපේ ආත්මයත් එක්ක සංසාරෙ පුරාම යන ආදරයක්.....එහෙම ආදරයක් මගේ හිතෙත් ඇතිවුනා.


ඔයා වෙනුවෙන්.


මගේ අම්මයි නංගියි ඇරුනම මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ ඔයාට. බව ඔයා දන්නෑ...සමහර විට දැනගත්තත් ඔය කියයි."තේරුමක් නෑ ගීත්.මාව අමතක කරන්න " කියල. ආදරෙ කියන්නෙ ලබා ගන්න දෙකට නෙමෙයි සුදූ.....අපි අනිත් අයට දෙන දේකට.....ආදරේ කරන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා.... ඔයාව මට ලැබුනත් නැතත් මම ඔයාට ආදරේ කරනවා......ඒක නවත් වන්න මේ ලෝකෙ කාටවත් බෑ....

ඔයාටවත් බෑ සුදූ..........